කවදාවත් Expire වෙන්නේ නැති 'Lifetime QR Codes' නොමිලේම හදාගමු! (EZOFZ QR Generator)

කවදාවත් Expire වෙන්නේ නැති 'Lifetime QR Codes' නොමිලේම හදාගමු! (EZOFZ QR Generator)

ඔබත් මුදල් ගෙවා ලබාගත් QR කේතයක් ටික කාලයකින් වැඩ කරන්නේ නැතුව ගිහින් (Expire වෙලා) අමාරුවේ වැටිලා තියෙනවාද? එහෙමත් නැත්නම් නොමිලේ දෙන සයිට් වලින් හැදූ QR එකක් ලොකුවට ප්‍රින්ට් කරද්දී බොඳ වෙලා ගිහින් තියෙනවාද?


අන්න ඒ ගැටළු සියල්ලටම ස්ථිර විසඳුමක් විදිහට අපි EZOFZ.LK හරහා අලුත්ම Lifetime Free QR Code Generator එක හඳුන්වා දීලා තියෙනවා. මේක කිසිම දවසක Expire වෙන්නේ නැති, 100% ක් නොමිලේම පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම මෙවලමක්.

ඇයි EZOFZ QR Generator එක විශේෂ වෙන්නේ?


කවදාවත් Expire වෙන්නේ නෑ (Static QR):

අන්තර්ජාලයේ තියෙන ගොඩක් සයිට් වලින් හැදෙන්නේ 'Dynamic' QR කේත. ඒවා මාසෙකින් දෙකකින් වැඩ කරන්නේ නැතුව යනවා. නමුත් අපේ මෙවලමෙන් හැදෙන 'Static' QR එක ඇතුළෙම ඔබේ දත්ත ගබඩා වෙන නිසා, ඒක ජීවිත කාලයටම වලංගුයි. අන්තර්ජාලය නැතත් ස්කෑන් කරන්න පුළුවන්!


අධි විභේදන (High-Resolution) පින්තූර:

ඔයා මේකෙන් Download කරන QR එක සකස් වෙන්නේ 1024x1024 කියන ඉතා ඉහළ පික්සල් ප්‍රමාණයකින්. ඒ නිසා බිත්තියක සයිස් එකට ලොකුවට බැනර් එකක ප්‍රින්ට් කළත් කිසිම විදිහකින් අකුරක්වත් බොඳ වෙන්නේ නෑ (Zero Pixelation).


Professional White Border:

ඕනෑම තද වර්ණයක (Dark background) ඇලෙව්වත් ඉතා ඉක්මනින් ෆෝන් කැමරාවට ස්කෑන් කරගන්න පුළුවන් වෙන්න, Download වෙන පින්තූරය වටේටම පිරිසිදු සුදු පැහැති බෝඩරයක් ස්වයංක්‍රීයවම එකතු වෙනවා.


ඔබට හදාගන්න පුළුවන් QR වර්ග මොනවාද?

  1. URL / Links: ඔබේ වෙබ් අඩවියට, Facebook පිටුවට, Google Forms වලට හෝ ඕනෑම ලින්ක් එකකට.
  2. Wi-Fi Networks: ඔබේ ආයතනයේ හෝ නිවසේ Wi-Fi නම සහ මුරපදය ඇතුලත් කර QR එකක් සාදාගන්න. අමුත්තන්ට මුරපද (Passwords) ටයිප් කර කර ඉන්නේ නැතුව, ස්කෑන් කළ සැණින් කෙලින්ම Wi-Fi වලට සම්බන්ධ වෙන්න පුළුවන්.
  3. WhatsApp Numbers: ඔබේ දුරකථන අංකය සහ යැවිය යුතු පණිවිඩය (උදා: "මට විස්තර දැනගන්න ඕනේ") කලින්ම සකස් කර QR එකක් සාදාගන්න. පාරිභෝගිකයින්ට ස්කෑන් කළ ගමන් කෙලින්ම ඔබේ WhatsApp චැට් එක විවෘත වෙනවා.

කිසිම මෘදුකාංගයක් Install කරන්නේ නැතුව, ඇසිපිය ගහන වේගෙන් ඔබේ QR කේතය නිර්මාණය කරගන්න.


දැන්ම ගිහින් ට්‍රයි කරලා බලන්න: https://ezofz.web.lk/tools/qr-generator


Share this article:
Back to Blog